දොරවක සිරිනිවාස මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

ලෝක ළමා දින සැමරුම

ලෝක ගුරු දින සැමරුම 2024

123.png
123.png

එකිනෙකිනේ බිහි නිදනේ නිදන      මෙන

අද අදනේ පිය වදනේ පිය               වදන

ඉටු සකිනේ තුටු සකිනේ                නරඹමින

දොරවකිනේ නොවලකිනේ යන      ගමන           (තිසර සංදේශය)

තිසර සංදේශයේ අපුරු කවියකින් පවා වර්ණනා කෙරෙන දොරවක ග්‍රාමය සබරගමුව පළාතේ කෑගල්ල දිස්ත්‍රිකයේ වරකාපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇත. එම ඵෙතිහාසික දොරවක ග්‍රාමයේ පිහිටි පාසල් අතර ඉතා ප්‍රකට මහා විද්‍යාලයක් වන කෑ/වර/සිරිනිවාස ම.වි. ප්‍රදේශයේ ජනතාවට හා දුවා දරුවන්ට මහත් සේවයක් ඉටු කරමින් සිටී.

අක්කර දෙකක පමණ භූමි ප්‍රමාණයක වපසරියකින් යුත් මෙම පාසල 1936 අගොස්තු මස 26 වන සදු දින ගුරුවරුන් දෙදෙනෙකුගෙන් හා සිසු සිසුවියන් 31 දෙනෙකුගෙන් “ශ්‍රී නිවාස පන්සල් පාඨශාලාව” නමින් ආරම්භ විය. එහිදී පැලපිටිගම මහින්දානන්ද ස්වාමින් වහන්සේ කළමනාකරු ලෙස කටයුතු කර ඇති අතර පැලපිටිගම සුමනසාර හිමියන් ආචාර්ය වරයෙකු ලෙස කටයුතු කර ඇත.

බෞද්ධ මිශ්‍ර පාසලක් ලෙස කාලයක් පැවති මෙම පාසල ක්‍රි.ව.1964 දී මහා විද්‍යාලයක් බවටද 1995 දී නවෝද්‍යා විද්‍යාලයක් බවටද ක්‍රි.ව. 2004 දී ප්‍රදීපාගාර පාසලක් බවටද පත් වූ අතර 2012 වසරේ සිට ද්විතියික පාසල් ව්‍යාපෘතිය යටතේ 1AB පාසලක් ලෙස ප්‍රදේශයට සේවය සපයයි.

මෙම පාසල තුල දැනට 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන අතර උසස් පෙළ කලාවාණිජවිද්‍යා හා විදේශ භාෂා යන විෂය ධාරාවන් ක්‍රියාත්මක වේ. මේ වන විට ආචාර්ය මණ්ඩලය 38 දෙනෙකුගෙන් සමන්විත වන අතර අනධ්‍යන සේවකයින් 4 දෙනෙකුගෙන් සමන්විත වේ. එසේම ශිෂ්‍ය සංඛ්‍යාව 485කි.

දැනට පාසල තුල ඇති සම්පත් ලෙස ගොඩනැගිලි 10ක් ද,  පුස්තකාලයවිද්‍යාගාරයපරිගණක එකකයශුව්‍ය දෘශ්‍ය එකකයඉංග්‍රිසි භාෂා ක්‍රියාකාරකම් එකකයබහු තාක්ෂණික එකකයමහින්දෝදය තාක්ෂණික විද්‍යාගාරය දැක්විය හැකිය.

පාසලේ සිසුන්ගේ දක්ෂතා සැලකීමේදී සොන්දර්ය අංශයෙන්ක්‍රිඩා අංශයෙන් හා ඉංග්‍රිසි භාෂා හා සිංහල භාෂා අංශයන්ගෙන්දසමාජ විද්‍යා අංශයෙන්ද කොට්ඨාශකලාපපළාත් හා සමස්තලංකා දක්ෂතාවන් පෙන්වීමට සිසුන් සමත් වී තිබේ.

මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 123ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 15කින් සමන්විතය. එක්දහස් පන්සියයක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "නිපුණතා සපිරි පිරිපුන් දරුවෙකු ලොවට දායාද කිරීම" යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2022 වන විට කලාපයේ පාසල් අතර ගුණාත්මක සංවර්ධනයේ ප්‍රමුඛස්ථානයට ලගා වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.