විදුහල්පති පණිවිඩය
පී.එස්.එල්.බණ්ඩාර මිය
අභිමානවත් වසර අසු හතකට උරුම කම් කියන සිරිනිවාස මාතාව,
ක්‍රීඩා සෞන්දර්යය තාක්ෂණ යන අංශ වලින් ප්‍රගතියක් අත්කරගන්නා පාසල ප්‍රදේශයේ පාසල් අතර භෞතික හා මානව සම්පත් දියුණු පාසලක් ද වේ.ඊට මෙතෙක් පාසල තුළ සේවය කළ විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ සේවය හේතුවෙන් මෑත කාලිනව භාහිර ක්‍රියාකාරකම් අතර නොකඩවා නර්තන ,වොලිබෝල්,මලල ක්‍රිඩා අංශ වල දරුවන් දැක්වු විශිෂ්ඨ කුසලතා හා පළාත් හා ජාතික තලයේ තරඟ වල දැක්වු විජයග්‍රහණයක් සාර්ථකත්වය පෙන්වයි.
අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.
මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
පී.එස්.එල්.බණ්ඩාර මිය
විදුහල්පති
කෑ/වර/දොරවක සිරිනිවාස මහා විද්‍යාලය.





